සාමය, සතුට, සෞභාග්‍ය රැඳි නීරෝගිමත් සුබ නව වසරක් වේවා!

සාමය, සතුට, සෞභාග්‍ය රැඳි නීරෝගිමත් සුබ නව වසරක් වේවා!

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි. “රටත් ජනතාවත් මුහුණ පා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල් බැඳ ගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර…

police

වැඩ බලන පොලිස්පතිගේ අවධානය පිණිසයි

දුෂ්කර පළාත් වල සේවය කරන පොලිස් නිලධාරින්ට ඇඳිරි නීතිය නිසා සිය නිවෙස් ගැන සොයා බැලීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම උතුරු පළාතේ දුපත් ආශ්‍රිත පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරින් මෙම තත්ත්වයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ ඔහු දින 52 කින්…

සියලූම විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක්

සියලූම විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක්

අද(13)රාත්‍රී 7.30ට සියලුම විහාරස්ථානවල මහ සංඝරත්නය විසින් ආශිර්වාදාත්මක බොජ්ඣඬග සූත්‍ර දේශනාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. සමස්ත රටවැසි ජනතාවට අශිර්වාද පිණිස අද රාත්‍රී 7.30ට විහාරස්ථානවල සිටින මහ සංඝරත්නය විසින ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මෙම සූත්‍ර දේශනාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අද රාත්‍රී 7.25ට සෑම විහාරස්ථානයකම…

අවුරුදු උත්සව තහනම්

අවුරුදු උත්සව තහනම්

ග්‍රාමීය මට්ටමින් සංවිධාන කෙරෙන කුඩා ප්‍රමාණයේ අලුත් අවුරුදු උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ නාගරික මට්ටමින් බැහැරව ග්‍රාමිය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරිමට සූදානමක් පවතින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි. එම නිසා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක…

badweather

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේදී වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේදී ප‍්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වායු සමීකරණ මග හරින්න

වායු සමීකරණ මග හරින්න

නව කොරෝනා වෛරසය වායූ සමීකරණය කළ පරිශ‍්‍රවලදී වඩා පහසුවෙන් පැතිර යා හැකි බව හදුනාගෙන තිබෙනවා. කිසියම් පරිශ‍්‍රයක් වායු සමීකරණය කර පවත්වා ගන්නවා වෙනුවට ස්වාභාවික වාතාස‍්‍රයට සහ හිරු එළියට නිරාවරණ කර පවත්වා ගැනීම මේ දිනවල වඩා ආරක්ෂිත බවද මෙහිදී විස්තර කෙරුණා. වායූ සමීකරණය කරන ලද සුපිරි වෙළදසැල් හෝ වෙනත් ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමද මේ අනුව…

ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට ඖෂධ සැල් හිමියන්ට දැනුම් දෙයි

ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට ඖෂධ සැල් හිමියන්ට දැනුම් දෙයි

වෙෙද්‍යවරයකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජය ඖෂධ හල් හිමියන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේ ද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය අගය කරන බවයි.

දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 දක්වා දීර්ඝ කරයි

දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 දක්වා දීර්ඝ කරයි

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.

rice

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම මිලක් රජය මගින් නියම කර ඇත.කීරි සම්බා, සුදු හා රතු සම්බා, සුදු සහ රතු කැකුළු සහල් සඳහා ඊයේ (10) සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙසේ උපරිම සිල්ලර මිල නියම කර තිබේ. කීරි සම්බා කිලෝවක් රුපියල් 125 ක්, සුදු සහ රතු සම්බා කිලෝවක රුපියල් 90 ක්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 85…

කොළඹ වායු දුෂණය අඩුම මට්ටමට

කොළඹ වායු දුෂණය අඩුම මට්ටමට

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දුෂණය අවම මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඇඳීරි නීතිය හේතුවෙන් රථ වාහන ධාවනය අවම වී ඇති නිසා වායු ගෝලයට නිකුත් වන දුවිලි අංශු ප‍්‍රමාණය සීඝ‍්‍ර ලෙස පහත බැස ඇති බව සදහන් වේ.