death

කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 21,152 ඉක්මවා ගොස් ඇති බව  ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි. ලොවපුරා සිටින සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 451,355 යැයිද කොරෝනා වයිරසය ආසාදනය වූ 112,982 මේ වනවිට සුවය ලබා ඇතැයිද  එම විශ්වවිද්‍යාලය තවදුරටත් සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි. අද (26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි…

ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි

ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා. අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප‍්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පවසයි. ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා…

අධි අවධානම් කලාප වලට අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙල අද සිට

අධි අවධානම් කලාප වලට අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙල අද සිට

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බාධාවකින් තොරව අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) ආරම්භ කෙරෙනවා. ඖෂධ, ගෑස් සහ සෙසු අත්‍යවශ්‍ය සේවාද ඊට ඇතුලත්. කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වයිරසය ව්‍යප්තවීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මුළු රටටම ඇඳිරි නීතිය පැනවීමටයි රජය පියවර ගත්තේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික් ඉතා අවධානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇඳිරි…

කොරෝනා මර්දනයට සහය දැක්වීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව

කොරෝනා මර්දනයට සහය දැක්වීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ඇතුලත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සහය පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද හමුවක් පවත්වා තිඛෙනවා. ඒ , අරලියගහ මන්දිරයේදීයි. එම හමුවේදී පක්ෂ නායකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී වෛරස තත්ත්වය හේතවෙන් ආර්ථිකයට…

corona

කොළඹ-ගම්පහ-කළුතරට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය…

ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල පිරිසක්

ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල පිරිසක්

කොරෝනා වෛරසය හේතුවෙන් දින දෙකක ඇදිරි නිතියෙන් පසුව කෙටි කාලයකට ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ මෙන්ම ලාම්පු තෙල් ලබා ගැනිමට මෙම පිරිස මෙසේ දිගු පොලිම්වල සිටින අතර මෙම ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් නගරය පුරා පොලිස් නිලධාරින් යෙදවිමටද…

breakingnews

ඇඳිරි නීතිය පැනවීම යලි පස්වරු 2ට

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ  පස්වරු 2ට ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.  

නිරෝධායනය නිමා කළ 313ක් අද නිවෙස්වලට

නිරෝධායනය නිමා කළ 313ක් අද නිවෙස්වලට

නිරෝධායන මධ්‍යස්ථානවලදී සාර්ථක ලෙස නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 313 දෙනෙකු අද ඔවුන්ගේ නිවෙස් කරා යොමු කිරීමට නියමිතව තිබෙනවා.   

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට නොපැමිණි මොවුන්ව සොයා ගැනීමට සහාය වන්න

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට නොපැමිණි මොවුන්ව සොයා ගැනීමට සහාය වන්න

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකළ තැනැත්තන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටී. ඒ අනුව කුඩා දරුවන් හා වැඩිහිටියන් තිදෙනෙකුගේ ඡායාරූප අද පොලීසිය ප්‍රසිද්ධියට පත් කළේය. අප කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ අතර වැඩිහිටියන්ගේ ඡායාරූප අප ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේය මෙම පුද්ගලයින්ගේ තොරතුරු ඔබ දන්නේනම් 119, 071 59…