රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් වහාම වසා දැමිමට නියෝග
රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් ව වසා දමන ලෙස රජය දැනුම් දී තිබේ. රජය මේ බව නිවේදනය කළේ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් ව වසා දමන ලෙස රජය දැනුම් දී තිබේ. රජය මේ බව නිවේදනය කළේ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රාතී‍්‍ර සමාජ ශාලා සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන නවතා දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. කුඩා ස්ථානයක විශාල පිරිසක් එක්රැස්වීම හේතුවෙන් රෝගය පැතිරීමේ ඉඩකඩ ඇති බවයි.

චමල් රාජපක්ෂ මහතාට යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත. මුලදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබූ අතර පසුව එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණි.

කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.

අද දින ඉතාලිය හා ස්පාඥ්ඥය යන රටවල් වලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහල යාමත් සමග කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන අයගේ ප්‍රතිශතය 8% සිට 9% දක්වා ඉහල ගොස් තිබේ. අද වන විට ලොව පුරා රටවල් 163ක් පුරා කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස 189,761 ක් බව වාර්තා වන අතර ඉන් සම්පුර්ණ සුවය ලබා ඇති…

තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් වෙයි. මේ අතර රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 16කදී පුද්ගලයින් 2258 දෙනෙකු නිරෝධායනය කරන බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද(17) සිට ලබන 19 වැනිදා දක්වා දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙලෙස දුම්රිය ගමන් වාර අඩු කර ඇතා බව සදහන්.