තවත් සැක තුන්දෙනෙක්

තවත් සැක තුන්දෙනෙක්

කොවිඩ් 19 වෛසරය වැලඳුණ බවට සැක කරන පෙම්වතුන් යුවළක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව සදහන් වෙයි. තරුණයා ඉතාලියේ සේවය කරමින් සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බව සඳහන්. පෙම්වතිය  ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා. වෛසරය වැලඳුණ…

සියලු සරසවි  සහ පෙරපාසල්  වසා දමයි

සියලු සරසවි සහ පෙරපාසල් වසා දමයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය  තීරණය කර තිබේ. හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි. කොරෝනා වෛරසය පැතිරයාමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

law

අද සවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි රවී ඇතුළු 4කට නියෝග

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද  සඳහන් කරයි.

air

දකුණු කොරියාව ඇතුළු රටවල් 3ක මඟින්ට මෙරටට ඇතුළුවීම තහනම් වෙයි

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව වළක්වයි. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.

advanced level

පළමු වාර පාසල් නිවාඩුව අද (13) සිට

සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවක් පවත්වමිනි.මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය‍. “සෞඛ්‍ය…

news sinhala sri lanka

පාසල් 20 වෙනිදා දක්වා වසා දැමීමට තීරණය අද සවසට

සියලු පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරිණය කර ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. කොවිඩ්-19 ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට තීරණය…

කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කලොත් වැඩවරදී

කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කලොත් වැඩවරදී

කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි. කොවිඩ් 19 ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට කොළඹ උණ…

“කොවිඩ් 19″ගෝලීය වසංගතයක් වෙයි

“කොවිඩ් 19″ගෝලීය වසංගතයක් වෙයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් වසංගත තත්වය ප්‍රකාශයට පත්කිරීමේ දී කියා සිටියේ චීනයෙන් පිටත වෛරස් ව්‍යාප්තිය සති දෙකක් තුළ 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ලොව පුරා රටවල් ගණනාවක යම්කිසි රෝග තත්වයක් එකවර දරුණු ලෙස පැතිර…

නිරෝධායනයට අකැමැති වී හැසිරු‌ණොත් සිරදඬුවම්

නිරෝධායනයට අකැමැති වී හැසිරු‌ණොත් සිරදඬුවම්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන අකැමැති වී හැසිරු‌ණොත් සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි. මෙරටට පැමිණෙන දෙස් හෝ  විදෙස්  පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත්…

නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

කෝවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා. රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට…