මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අදින් ආරම්භ විය. තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 16 වැනිදා දක්වා භාරගැන්නා අතර අයදුම් පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අදින් ආරම්භ විය. තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 16 වැනිදා දක්වා භාරගැන්නා අතර අයදුම් පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්තරන්) සහ ඔහුගේ රියැදුරු කැළුම් (සුදා) යන සැකකරුවන් දෙදෙනා චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත අද අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල…
ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. දිළිඳු පවුල්වලට ජල පහසුකම් ලබාගැනීමේදී මෙතරම් මුදලක් එක්වර ගෙවීම අපහසු බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වෙත පවරා පෞද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. දුම්රිය ස්ථාන අබලන් තත්වයට පත්වීම වළකාගැනීම් සඳහා පෞද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩිදුරටත් පැවසීය.
ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ. මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා…
දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී තිබේ. අද රාත්‍රීයේ ඔහු විදෙස්ගතවී ඇත්තේ, ඩුබායි බලා පිටත්ව ගිය ඊ.කේ. 655 දරණ ගුවන් යානයෙනි. මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කරනලදි. අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ,…
මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දක්වා ඇත. වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අරමුණු අන්තර්ගතව ඇති බවද කාරක සභා වාර්තාව ප්‍රකාශ කරයි. මෙරට වාර්ගික සංහිඳියාව…
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (ෆැපරල්) විසින් එළඹෙන මහ මැතිවරණයේදී ජනප්‍රිය දේශපාලන ෆේස්බුක් පිටු සහ දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණය කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි. මහ මැතිවරණයේදී අපේක්ෂක සංඛ්‍යාව 4,000 ඉක්මවනු ඇති බැවින් ප්‍රධාන පක්ෂ හතරක තරගකාරී අපේක්ෂකයන්ගේ පිටු පමණක් අධීක්ෂණය කරන බව වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් වැරදි…
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන ලදී. ඔහුගේ ධුර කාලය තුළ රාජකාරි ඉටු කල පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කර සමු දුන්නේය.