කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද…

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමාකරමින් අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අඅයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන්  නතර කර ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට…

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අදින් ආරම්භ විය. තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 16 වැනිදා දක්වා භාරගැන්නා අතර අයදුම් පත්  මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

රත්තරන් හා සුදා අත්අඩංගුවට

රත්තරන් හා සුදා අත්අඩංගුවට

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්තරන්) සහ ඔහුගේ රියැදුරු කැළුම් (සුදා) යන සැකකරුවන් දෙදෙනා චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත අද අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල…

ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි

ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි

ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. දිළිඳු පවුල්වලට ජල පහසුකම් ලබාගැනීමේදී මෙතරම් මුදලක් එක්වර ගෙවීම අපහසු බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.  

දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වලට

දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වලට

රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වෙත පවරා පෞද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. දුම්රිය ස්ථාන අබලන් තත්වයට පත්වීම වළකාගැනීම් ස‍ඳහා පෞද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩිදුරටත් පැවසීය.

unp

මහ මැතිවරණයට අලියා ලකුණින් එන්න එ.ජා.ප කෘත්‍යාධිකාරිය තීරණය කරයි

ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ. මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා…

මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට

මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට

දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…

රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී තිබේ. අද රාත්‍රීයේ ඔහු විදෙස්ගතවී ඇත්තේ, ඩුබායි බලා පිටත්ව ගිය ඊ.කේ. 655 දරණ ගුවන් යානයෙනි. මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කරනලදි. අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ,…