රවී, අර්ජුන්, ඇලෝසියස් , පළිසේන,අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

රවී, අර්ජුන්, ඇලෝසියස් , පළිසේන,අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත. ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු රාජ්‍ය ,  නියෝජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව  විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි

ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට

ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.  

විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව අනවසරයෙන් කෝමාරිකා වගාවක් සඳහා භූමිය සැකසීම සම්බන්ධයෙන් ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා විසින් තඹුත්තේගම අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ. මෙම භූමිය එළිපෙහෙලි කිරීමේ කටයුතුවලදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීම හේතුවෙන් අදළ ආයතනයට විරුද්ධව මෙම නඩුව ගොනු කර ඇති බව සදහන් වෙයි. අදාළ සමාගමේ ප්‍රධානීන්ට…

කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි

කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි

ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරු වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ. වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඔහු ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ වනවිට ආසියාවෙන් පිටත…

දකුණු කොරියාවේ සිට ලාංකිකයන්ගේ පැමිණීම  ඉහලට

දකුණු කොරියාවේ සිට ලාංකිකයන්ගේ පැමිණීම ඉහලට

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් ශ්‍රීලංකාව වෙත පැමිණීම ඉහළ ගොස් ඇත. දකුණු කොරියාවේ සිට එසේ පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සදහන්. ඇන්ටාක්ටිකාව හැරුණු කොට ලොව අනෙකුත් මහද්වීප සියල්ල පුරා පැතිර ඇති මාරාන්තික කෝවිඩ් – 19 වෛරසයේ ​ගෝලීය ව්‍යාප්තිය හා…

මාතර – බෙලිඅත්ත අතර නව දුම්රිය ස්ථානයක්

මාතර – බෙලිඅත්ත අතර නව දුම්රිය ස්ථානයක්

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට දුම්රිය සේවා ක්‍රියාත්මක වුවද, නාකුළුගමුව හා ඒ් අවට ගම්මානවල මහජනතාවට මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රවාහන සේවා සඳහා භාවිතා කිරීමට දුම්රිය ස්ථානයක් නොමැතිවීම මහත් ගැටළුවක් විය. එම අඩුපාඩුව සපුරමින් විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාකුළුගමුවට නව දුම්රිය ස්ථානයක් ලබා…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

08 වන පාර්ලිමේන්තුව විසුරුවීමේ  ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණයට

08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. පාර්ලිමේන්තුව අද (2) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ…

government information center

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ

2015 වසරේ මහමැතිවරණයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ වසර 4යි මාස 6ක කාලය අදින් අවසන්වීමත් සමග ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය…

රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

රෝහණ විජේවීර සහ චිත්‍රාංගනී විජේවීරගේ පුත් උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සදහන් වනවා. තමන් වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බවත් කොළඹින් හෝ හම්බන්තොටින් තරගබිමට පිවිසෙන යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත පළ කර නැහැ. සබැදි පුවත් https://www.dailyreporter.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7/