jiniwa

විදේශ ඇමති අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි. පසුගිය ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා දෙකකින් ඉවත්වීමට වත්මන් රජය ගෙන ඇති තීරණය එහිදී ඔහු විසින් ප්‍රකාශයට පත්කරනු ඇති.  

watercut

ජා-ඇලට පැය 18 ක ජල කප්පාදුවක්

කැලණිය ප්‍රදේශයේ නල පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒකල, කඳාන ආනියාකන්ද, බටගම, කුඩාවැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාවාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, බෝපිටිය යන ප්‍රදේශවලටද ජල…

කුකුලා අභිබවා ගිය ළුෑනු මාෆියාව බිද වැටේ

කුකුලා අභිබවා ගිය ළුෑනු මාෆියාව බිද වැටේ

ආනයනික ලොකු ළුෑනු සදහා උපරිම මිලක් නියම කිරීමත් සමග වෙළදපොළේ ලොකු ළුෑනු මිල අඩු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආනයනික ලොකු ළුෑනු අද අළෙවි කෙරුණේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 150 ත් 155 ත් අතර මිලකටයි. පාලන මිලට වඩා වැඩි මිලට ලොකු ළුනු අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. රුපියල්…

තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරයි

තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරයි

තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය. එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස්…

රථ වාහන තදබදය අවම කිරීමට යුධ හමුදාව

රථ වාහන තදබදය අවම කිරීමට යුධ හමුදාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද සිට පොලිසියේ සහායට එක් කරීමට උපදෙස් ලබාදී තිබෙනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වා යුධ හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන…

teacher

ගුරුවරුන් හෙට (26) ලෙඩ වෙයි

සියලූ ගුරු , විදුහල්පතිවරුන් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි. කැඳවුම්කරු ජෝශප් ස්ටර්ලින් මහතාකියා සිටියේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.

දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබූ නීති 67 න් 57ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනවා. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද…

jiniwa

ජිනිවා යෝජනාව ගැන රජයේ තීරණය දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත්…

පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය ධාවනයට යෙදවීමට  මහනුවර සංවර්ධන කම්ටුව තීරණය කර තිබේ. දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත්වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ලඟාවීමට නියමිතයි.  

නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න

නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ බස් සේවා අද(24) සිට ආරම්භ වීමට නියමිතයි. අද පෙරවරුවේ බස් සේවාවන් ආරම්භ වන්නේ තංගල්ල බස් නැවතුම්පොළේ සිටයි. තංගල්ල සිට කොළඹට රුපියල් 680 ක් ද තංගල්ල සිට මාකුඹුර දක්වා 610ක් ද  හම්බන්තොට සිට කොළඹට රුපියල් 880ක් ද හම්බන්තොට සිට මාකුඹුර දක්වා රුපියල් 810 ක් ද ගාස්තු…