එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/01 යෝජනාව ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිත බව සදහන් වේ. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය…

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිතයි. ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව විශේෂඥ වෛද්‍ය…

police

කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක

පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස්  කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන  මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය. හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා  පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි සදහන්…

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10කින් සැදුම්ලත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය නමින් පොහොට්ටු ලකුණින් ලියාපදිංචි කිරීම සඳහාවන ඉල්ලීම ඊයේ (17) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචියට අදාළ ඉල්ලීම අපි මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කරන…

police

කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්

කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී ඇත. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා  රාත්‍රි කාලයේ පොලිස් බැරැක්කයේ සිටි බව පොලිසිය සදහන් කරයි. අතුරුදන් ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සහභාගි වන පළමු…

anura-kumara

එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි

ස්වාධීනත්වය, ජාතික සම්පත් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුවෙන් ඈත් විය යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි අනාගතයේදී දියුණු ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය වටා එක් රොක් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට…

නව පක්ෂ ලියාපදිංචි අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නව පක්ෂ ලියාපදිංචි අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම  අයදුම්පත්‍ර භාරගැනීම අද පස්වරු 04.00 දක්වා ඒ සඳහා හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ වනවිට අයදුම්පත්‍ර 70ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. ඉදිරියේ දී ලැබී ඇති අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කරයි….

අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාට පණවා ඇති තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි. ජාති බේද හා ආගම් බේදයක් නොමැති සියලු දෙනාගේ ආදරය දිනා ගත් හමුදාපතිවරයෙක් වන ඔහුට මෙවැනි තහංචියක් පැනවීම කිසිසේත් අනුමත නොකරන බව පැවසු උන්වහන්සේ‍,…