jiniwa

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගෙන් රතු එළියක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි…

පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට  පියවර ගැනීම නිසා ඉල්ලුම්පත් භාරදීමෙන්…

සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. ඇය කටුනායක බලා පිටත්ව යාමට පෙර තමන්ට ප්‍රතිකාර කළ සියළු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළා. ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට…

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/01 යෝජනාව ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිත බව සදහන් වේ. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය…

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිතයි. ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව විශේෂඥ වෛද්‍ය…

police

කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක

පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස්  කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන  මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය. හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා  පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි සදහන්…

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10කින් සැදුම්ලත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය නමින් පොහොට්ටු ලකුණින් ලියාපදිංචි කිරීම සඳහාවන ඉල්ලීම ඊයේ (17) පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචියට අදාළ ඉල්ලීම අපි මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කරන…

police

කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්

කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී ඇත. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා  රාත්‍රි කාලයේ පොලිස් බැරැක්කයේ සිටි බව පොලිසිය සදහන් කරයි. අතුරුදන් ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සහභාගි වන පළමු…