චීන ජාතිකයන් කොන්කරන්න එපා

චීන ජාතිකයන් කොන්කරන්න එපා

ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව  සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව…

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන අභිමානවත් නිදහස වෙනුවෙන් මේ මොහොත වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි. වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය. ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන්…

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.

air

තවත් ලාංකික සිසුන් 204 චීනයේ

චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්  සිසුන් 204 දෙනෙකු  සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කරයි. චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.  

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සදහන් කරයි. රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා පවසයි.    

paskupaharaya

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක්  මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර…

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ  වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්  රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…