කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සදහන් කරයි. රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා පවසයි.    

paskupaharaya

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක්  මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර…

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ  වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්  රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා. විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසකට පෙරේදා දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන්…

aresst

කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට

සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා  අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වී තිබේ. කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර්  රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30)…

air

ගුවන් සමාගම් ගුවන් ගමන් නවත්වයි

නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් නිවේදනය කරයි. ඒ අනුව ‘එයාර් ෆ්‍රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත ගුවන් ගමන් නවතා දමා ඇත. විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය…

මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න

මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න

ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කරමින් කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලයි.  සිරගතවීම  පදනම් කර ගනිමින් කිසිදු අයුරකින්  පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි  කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර  එය බරපතල ලෙස…

බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ දීර්ඝ කාලයක සිට රහසිගතව පවත්වාගෙන ගොස් ඇති  මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. ඉතාමත්ම සූක්ෂම මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී කසිප්පු පෙරීමට ගන්නා උපකරණ, බැරල් සහ ගෝඩා තොගයක් ද  සොයාගෙන ඇත. ජාවාරම සිදු කල වයස අවුරුදු 38ක සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

NOROCHCHOLAI-POWER-PLANT

නොරොච්චෝලේ චීනුන් ගැන දැඩි අවධානය

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක පවසයි. බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් 75  දෙනාට සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව  වාර්තා වේ.

රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින්  හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි….