දුම්රිය බලවේග කට්ටල 8ක් ජනවාරියේදී එක්වෙයි
නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය. චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය. චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද…

පෞද්ගලික සහල් මෝල් හිමියන් සතු සහල් මිල තීරණය කිරීමේ වෙළඳ ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා ඉදිරියේදී රජය විසින් සහල් මෝල් ආරම්භ කරන බව අමාත්‍ය එස්.එම් .චන්ද්‍රසේන මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය. ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා. 2004 වර්ෂයේ…

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි. අද පෙරවරු 08.10න් පසුව මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේ. අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව…

නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවුණි. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීමේ දිනය අදයි….

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී….

මානව සංහතියටම මෛත්‍රීය හා දයාව දානයකල ජේසු සමිදාණන්ගේ ශුද්ධෝත්පත්තිය මිනිසා භෞතික,මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඔසවා තැබීමකි. කවර අමිහිරි ප්‍රතිඵලයක් හමුවේ වුවද, හෘද සාක්ෂියට එකඟව සත්‍ය හා යහපත් දේ වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය උන්වහන්සේගේ උත්තම ආත්ම පරිත්‍යාගය ලොවට දුන් පණිවුඩයයි. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කල යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කල අයහපත්…

දිලිදුකම පිටු දකින රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සමෘද්ධි පවුල් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.