රාජ්‍ය ණය – ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන  අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ සිටියි. අදාල ප්‍රතිශතය 101% කි. ජපානය ශ්‍රී ලංකාවටත්  සංවර්ධන ණය දෙන දියුණු රාජ්‍යයකි. ග්‍රීසියද සංවර්ධනය වූ රටකි. එහි එක පුද්ගල අදායම (රටේ සමස්ත නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදු විට ලැබෙන අගය) ලෝක බැංකු වාර්තා…

Read More

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේසියල්ල එකතු කලවිට…

Read More

අයවැය හිඟය සහ රාජ්‍ය ණය

debt

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල් වලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම නිසා ආර්ථිකයේ වර්ධනයක් නොවීමයි. අඩුවෙන් ආදායම ලැබෙන්නේ බදු අඩු කිරීම නිසාය. ව්‍යාපාරිකයන්ට බදු අඩු කිරීම මගින් ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වැඩිපුර ප්‍රාග්ධන වියදම් කිරීම මගින් ආර්ථිකය ප්‍රසාරණය වේ. එබැවින් අඩුවෙන් ආදායම් ලැබීම නිසාද වැඩියෙන් වියදම් කිරීම නිසාද යම් හෙයකින් ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනයක් වූවා…

Read More

ශ්‍රී ලංකාවේ හිඟ අයවැය ප්‍රතිපත්තිය

ලංකාවේද වෙනත් බොහෝ රටවලද හිඟ අයවැය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනු ලැබේ. එනම් රාජ්‍යයට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමේ ප්‍රතිපත්තියයි. අයවැය හිඟය බොහෝවිට අදාල රටේ මුල්‍ය ඒකක වලින්ද එරට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද  දක්වනු ලැබේ. රාජ්‍යයේ ආදායමට වඩා වියදම් කිරීමේ අවශ්‍යතා පැන නගී. උදාහරණයක් වශයෙන් රජයට රටේ මාර්ග පද්ධති  සහ විදුලිබල  වැනි යටිතල පහසුකම් නගා සිටුවීමට අවශ්‍ය නම් සහ ඒසඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයේ ආදායමෙන් සපුරා ගත නොහැකි නම් ඒසඳහා ණයක් ගෙන ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කළ යුතුය. මක්නිසාදයත් රටේ යටිතල පහසුකම් දියුණු කිරීම රජයේ වගකීමක් වන නිසා සහ එම…

Read More

ආර්ථිකය පිලිබඳ ආකෘති

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම් සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද  වේ.සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික  ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවලමිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත් වීම් පසුව හඳුන්වා දෙන ලදී. මෙයින් ප්‍රධාන වුයේ වර්ෂ 1930 ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට පිලියමක් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම සහ ආණ්ඩුව විසින් අයකරන…

Read More

දිවයින පුරා Container Based Cross – Fit Gym 500ක්

ContainerGym

ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ‘ජය ගමු’ යන තේමාව යටතේ බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව 100,000කට ආසන්න පොදු මහජනතාවකට සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 5000කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇත. මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරීමටත්,…

Read More

ඇඟලුම් අපනයන ආදායම පහතට

ගෙවීගිය මුල් මාස දෙක තුළදී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 794 දක්වා පහත වැටී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයකින් හෙළිවේ. පසුගිය 2020 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ ලෝකය පුරා කොරොනා වසංගතය පැතිරී යමින් තිබියදීද, ඩොලර් මිලියන 870ක ඇඟලුම් අපනයන ආදායමක් උපයා තිබූ අතර මෙම වසරේ එම මාස දෙක තුළදී, එය ඩොලර් මිලියන 794දක්වා පහත වැටී තිබේ.  

Read More

මේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට පහුගිය ආණ්ඩුවත් වගකිව යුතුයි!

economic-crisis-in-sri-lanka-Harsha-Gunasena

ලංකාවේ  රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත් මතයක් තියනවා ලංකාවේ විදේශ ණය නිසා මුහණ දීලා තියන අර්බුදයට බලපාන්නේ චීන ණය කියලා, එහෙම එකක් නෑ. චීනය ගත්විට ඔවුන් 10%ක් පමණ තමයි ණය දීලා තියෙන්නේ, මුළු ණය වලින්. හැබැයි මෙතන විශේෂ කාරණයක් තියනවා ශ්‍රී ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක්. අඩු ආදායම් ලබන රටක ඉදන් මැදි ආදායම් ලබන තත්වෙකට ලංකාව පත්වුණේ 2007 වගේ කාලයේදී. එතකොට අඩු ආදායම් ලබන…

Read More

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ප‍්‍රදානයක්

japan

ශ‍්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප‍්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ‍්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති ප‍්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60න් ඉහළ වැඩිහිටි ජනගහනය ඇතුළු ප‍්‍රමුඛතාකරණය කරන ලද කණ්ඩායම්වලට වසංගතයට එරෙහි එන්නත්කරණය හඳුන්වා දෙමින් සිටී. මාර්තු මාසයේ දී යුනිසෙෆ් සංවිධානය කොවැක්ස් පහසුකම හරහා මාත‍්‍රා 264,000කින් සමන්විත පළමු ‘කොවිඞ් -නිවාරක’ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා…

Read More

ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ එකොළොස්වන කර්මාන්තශාලාව බුත්තලට

ප්‍රමුඛ‍ පෙළේ ජාත්‍යන්තර ඇඟළුම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය (‘Star’) අති නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වූ ඔවුන්ගේ නවතම කර්මාන්තශාලාව මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල දී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආර්ථිකයන් සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ දැක්ම මූලික කරගනිමින් මෙම ස්ටාර් ගාමන්ට් කර්මාන්තශාලාව විවෘත කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ස්ටාර් ගාමන්ට් සමූහයට එක්වන එකොළොස් වැනි කර්මාන්ත ශාලාව වන මෙය 1,000කට වැඩි පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කරදී තිබේ. ඇඟළුම් කර්මාන්තශාලාවක් සතුව තිබිය යුතු අති නවීන යටිතල පහසුකම් හා තාක්ෂණයෙන් බුත්තල ස්ටාර් ගාමන්ට් කර්මාන්ත ශාලාව සවිබල ගන්වා තිබෙන…

Read More