20 – 20 ලෝක කුසලානයේ අලුත්ම තුරුම්පුව

mahela

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 – 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති. ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති. මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ද කටයුතු කරනවා. ඕමානයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරඟ සඳහා පමණක් මහේල මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ඉන්දියාවේ යෝජනාව මහේල ඉවත දමයි

mahela

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටීමත් මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත් හේතුවෙන්.

Read More

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

lasthi-malinga

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා. ” වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි!”

Read More

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුහ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දු ඕවර 14.1ක් පමණි. ඒ අනුව තරඟ 3න් සමන්විත තරඟාවලිය මේ වනවිට 2…

Read More

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළේ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ සහයෝගයක් අහිමි වී ගිය පසුබිමක හය මාසයකට පසුව ශ්‍රී ලංකා විස්සයි20 තරගයකට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් අගනා පිතිකරණයක නිරත විය.…

Read More

චන්දිමාල් – තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සියලුම රටවලට සිය කණ්ඩායම් නම් කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය අද (10 ) නිමා වනු ඇත. දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය…

Read More

මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයෙන්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් චරිත් අසලංක මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවී මෙසේ පැවසීය. “මම හැමදාම හිතන්නේ මම තවම මදි කියලා. ඒ නිසා සෑම විටම පුහුණුකරුවන් ඇතුළු සෑම කෙනෙක් එක්කම කතා කරනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග කතා කරලා ඔවුන්ගේ අදහස් ගන්නවා. මේ තරගාවලියේ වුවත් මම හිතන්නේ මට තව හොඳින් ක්‍රීඩා කරන්න තිබුණා කියලා. එවිට ඊළඟ තරගාවලියේදී මට තවත් හොදින් මගේ අඩුපාඩු සකසාගන්න හැකිවෙයි. මම තරගයෙන් තරගය ක්‍රීඩා කරන්නේ, පෙර ක්‍රීඩා කළ තරගය අමතක කරලා. සෑම තරගයකම මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ…

Read More

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක්…

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද තරඟය සඳහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැඳවීමටයි අවධානය යොමුව ඇත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගතහොත් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක්…

Read More

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ. තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය. එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම ප්‍රධාන අරමුණ බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පැවසීය.  

Read More