පළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්

china covid news

ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය. ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ. මැතිවරණය පවත්වන්නේ නම් ජනවාරි 5ට පෙර එය අනිවාර්යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More

පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට – කාන්තා නියෝජනයත් වැඩි කරයි

china covid news

කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත. ඒ අනුව නියෝජිතයින් සියයට 60 ක් කේවල ක්‍රමය යටතේද සියයට 40ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා විය. එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳවද මෙහිදී සාක්ච්ඡා විය.

Read More