ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා පාසල් රග්බි සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.

Read More