සත්ත්වයින් මියයාමට හේතුව

නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තමාට ඊයේ (12) දුරකතනයෙන් දැනුම් දුන් බවයි. උතුරු – නැගෙනහිර පළාත්වල ගවයින්, මී ගවයින් සහ එළුවන් 1200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළා ය. සබැඳි පුවත් – සත්ත්වයින් මියයන්නේ නම්,පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්න   – මස් අළෙවිසැල් සහ ඝාතනාගාර වැසෙයි   – මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට   – වායු දූෂණය තවත් දින කිහිපයක්…

Read More