හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත. පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය. ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් කිලෝ 300ක් සමග ජාවාරමේ නිරත නෞකාවක් අත් අඩංගුවට ගත් අතර එහිදී ද විදේශික කාර්‍ය මණ්ඩලයක් අත් ඩංගුවට ගැණින. වැඩිදුර පසුවට ——- ශානිකා
Read MoreTag: digital princess police report
කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!
රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. පෑලියගොඩ පොලිස් වසමේ වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉදිරිපිටදී දී මෙම වැටලීම කර ඇත. එහි දී සංචරණ සීමා උල්ලංඝණය…
Read Moreපිං ළිඳේ මළ සිරුරක්!
බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල මංසන්ධියේ සිට නීලම්මහර පුරාණ රජමහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පිහිටා ඇති පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් (08) වන දින උදෑසන සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දෙකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි සේදීම සඳහා මෙම පොදු නාන ළිඳට දිනපතා පැමිණෙන බවත් එම වෙළෙන්දා (08) වන දින උදෑසන 06.00 පමණ පලා මිටි සේදීමට පැමිණි අවස්ථාවේදී ලිඳේ මළසිරුරක් තිබෙන බව දැක ඇති බවත් ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු…
Read More