ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4.3 ක් බව ය. කිලෝමිටර් 21 ක් පමණ ගැඹුරින් භූ චලනය සිදුව ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඊයේ (29) රාත්‍රි 7.14 ට පමණ මෙම භූ චලනය සිදුව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. භූචලනයෙන් ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්තානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
Read MoreTag: earthquakes today
වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක්
නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනය වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. මෙම භූකම්පනය අද අළුයම 2.59 ට සිදුව තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූකම්පන මාපක වල ඇතිවූ මෙම කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව තිබු බවයි එම කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.
Read More