රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද…
Read More