අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප අත්කරගත් හා අපට අහිමි වූ දේ ගැන කෙරෙන ඇගයීමකි. අධ්‍යාපනය කළමනාකරනය කරගැනීමේ දුර්වලතාවයේ පළමු වින්දිතයන් බවට පත්ව ඇත්තේ අපේ රටේ දරු පරපුරයි. එහි දෙවන වින්දිතයන් වන්නේ දෙමවුපියන් වන මහ ජනතාවයි. මෙරට දරුවන්ට තමන්ගේ ළමා සහ නවයොවුන් ජීවිතයේ වැඩි කාලයක් පන්ති කාමර තුළ එනම්, උදේ වරුවේ පාසල තුලත් සවස් වරුව උපකාරක පන්තිවලත් වශයෙන් විෂය කරුණු ඉගෙනගැනීමට…
Read More