අනුරාධපුර ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ තිබු රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඥාන අක්කාගේ දියණියගේ සැමියා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔහු පොලීසියට සදහන් කර ඇත්තේ සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වන බවයි. එළඹෙන 23 වැනිදා පැවැත්වෙන කොළඹ මිතුරකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹ බලා යෑමට ඇති බැවින් සිය…
Read MoreCategory: trending articles
රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා
රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ඉන්නෙ අරගල-පෙරටුගාමී-ජාජබ ලයින් එකේ. යූඑන්නෙක, අයියෙන්ජීඕ, එන්ජීඕ නිසා තමයි අපිත් ඔය හෝටල්වලින් කෑවෙ. ලංකාවෙ දරිද්‍රතාවයට, කාන්තා හිංසනයට, ජනවාර්ගික ප්‍රශ්නයට පිංසිද්දවෙන්න වැඩමුළු, සම්මන්ත්‍රණ අරවා මේවා නිසා මේ මාත් ඔය හැම ජාතියකම තරු…
Read Moreගෝඨාවාදීන්ගේ අවසන් සටන
මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම් සමිති දැන් 15 දා වැඩ වරණ බව පමණක් කියති. මේ සියල්ල උපාය, උපක්‍රම වන්නට ද බැරි නැත. එසේ නැත්නම් තමන්ගේ හයිය ගැන ඇත්ත තක්සේරුව නිසා ද වෙන්නට පුළුවන. හැරී බැලු විට පෙනෙන්නේ මේ ගෝඨාභය බලයට ගේන්නට ක්‍රියාත්මක වූ…
Read Moreරට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැක – කරූ ජයසූරිය
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ වී ඇති බව කියන ජයසූරිය මහතා පසුගියදා කොළඹදී පැවති පැවති විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මරුමුවට පත් වූ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය…
Read Moreලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?
මේ වන විට දේශපාලනයට පැමිනෙන බොහෝ පිරිසක් දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැතිවයි දේශපාලනයට එන්නේ එම නිසා ලංකාවේ පිරිසිදු දේශපාලනය කරන පිරිස අඩුවෙලා තියෙනවා වගේම ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ ඊරෝස් සංවිධානයේ නිර්මාතෘ රත්න සභාපති නමින් දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රයක් හැටන් ඩංබාර් පාරේ අංක 86 දරණ ස්ථානයේදි විවෘත කිරිමේ අවස්ථාවේදිය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජිවන් ජිවරාජන් මහතා ලංකාවේ දේශපාලනය පිලිබදව නිසි දැනුමක් නොමැතිව දේශපාලනයට පිරිස් එක් විම තුලින් එසේ එක්වන බොහෝ දේශපාලකයන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා මෙම…
Read Moreදේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා
මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි කරන්නට ඕනැය කියලා. ඔවුන් හිතනවා ඒක ආචාරධාර්මිකයි කියලාත්. උදාහරණයක් විදියට මහින්ද හොරා කියන දේශපාලනික ප්‍රචාරණය ගන්න. මහින්ද හොරකම් කරන්න ඇති. ඒ වගේම, ඒ සම්බන්ධ විශාල ප්‍රචාරණයකුත් තියෙනවා. ඒ සියල්ල ඇත්ත නෙමෙයි. ඒ වගේම හොරකම නිර්මාණය…
Read Moreකළුකඩ දේශපාලනය
පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත් කල, ලබන මාර්තු මාසයේදී ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබේ. එහෙත්, ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ පැනවීමක්, යථාර්ථයක් වීම හෝ නොවීම තීරණය වන්නේ, හුදෙක් නෛතික පැනවීම් පමණක් පෙරදැරිව නොවේ. එවැනි නෛතික පදනම් මත පමණක් පිහිටා විනිශ්චයන්ට පැමිණිය හැකි කාරණා නැතිවා නොවේ. උදාහරණයක් වශයෙන්, දින 52 ආණ්ඩු කුමන්ත්‍රණයේ නීත්‍යානුකූල භාවය, හුදෙක් නෛතික රාමුවක් තුළ සහ ව්‍යවස්ථාපිත භාවය තුළ නිර්වචනය…
Read Moreවෙනස නව සන්ධානය ජනගත වෙයි
ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා. ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි. ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින රටක් බවට පත් කිරීම, නැවත වරක් පුද්ගලයින් හෝ පක්ෂ විශ්වාස කර බලය ලබාදීමෙන් රට ගොඩ ගත නොහැකි බැවින් කවුරුන් ආවත් වෙනස් කළ නොහැකි සිස්ටම් එකක් රට තුළ ඇති කිරීම වෙනස නව සන්ධානයේ අපේක්ෂාව බවයි එහි…
Read Moreඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් අවශ්‍යයි
75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය. මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි” කියලා. වෙනත් කිසිඳු පෙරදිග රටක් පිළිබඳව ඔවුන් එවැනි අපේක්ෂාවක් ඇතිකර ගත්තේ නැහැ. එහෙත්…
Read Moreදොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!
අමුඩයාය ගම සන්දර වු ගැමි සුවඳින් සුවඳවත් වු කැලෑ ගමකි.මෙහි නායකයා අප්පුහාමි නම් වේ. අමුඩයට මුල් තැන දෙන මේ ගම වැසියෝ උපතින්ම අමුඩය ආරක්ෂා කරන්නට බැඳී සිටිති. එයට හේතුව හත්මුතු පරපුරෙන්ම මෙවුන්දලාට ලැබුණු උරුමය වුයේ අමුඩයයි.තනිපට අමුඩය,දෙපට අමුඩය, සඟළ අමුඩය,දිය අමුඩය මෙවුන්දලාගේ නැති නම් අමුඩයාය ගමේ ගැමියනගේ නිල අඳුම වේ. ගොවිකම දිවිමග කර ගත් ගැමියෝ මෙන්න! ගමේ කිරි අප්පුලාගේ සිට වැඩිහිටි තරුණ සියල්ලෝම අමුඩය ඇඳ ගමන් බිමන් වැඩ කටයුතු සියල්ලම සිදු කරන්නේ පරපුරේ උරුමය නිසාය.කුඹුරු වැඩ හේන් වැඩ සිදු කරන ගොවිකම දිවිමඟ කර ගත් ගොවියෝ අමුඩයාය ගමේ ජීවත් වේ. කුකුල්…
Read More