“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී

“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයේ ද යෝජනා පරිදි නව සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ විය.  මෙම අධ්‍යන වාර්තාව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන අශ්‍රිතව රචනා කර ඇති අතර එම අධ්‍යන වාර්තාවේ රචකයා වන මාධ්‍යවේ දී අජිත් පැරකුම් ජයසිංහ මහතා මෙම කෘතිය එළි දැක්වීමේ දි පළ කළ අදහස් මෙසේය,

aswasuma-study-report aswasuma-study-report

aswasuma-study-report aswasuma-study-report

“අස්වැසුම ඇස්වැසුමක් ලෙස සමාජයේ බොහෝ අය අතර පැවති මතයක් ඔවුන් බොහෝමයක් දැන සිටියේ මෙය ගෘහ පදනමෙන් ලබා දෙන ප්‍රතිලාභ වැඩසටහනක් ලෙසයි. නමුත් මෙම වැඩසටහන පවුල් පදනම් කරගෙන ලබා දෙන ප්‍රතිලාභයක් බව බොහෝමයක් අය දැන සිටියේ නෑ. මෙම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ඉතා හොඳ වැඩසටහනක් මෙය මින් පෙර පැවති සමෘද්ධි වැඩසටහන හා සමාන වැඩසටහනක් නමුත් සමෘද්ධි වැඩසටහන වැඩි වශයෙන් දේශපාලනීකරණය වූ වැඩසටහනක් බව අපි සැවොම දන්න කරුණක්, ප්‍රතිලාභින් තෝරා ගැනීමේ දී නිලධාරීන්ට මෙන්ම දේශපාලකයින්ට සුවිශේෂ බලයක් පැවතුණා. එය හොඳින්ම කැපී පෙණුනේ 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමඟයි. 2015 වසර වන විට දිළින්දන් ප්‍රමාණය ලක්ෂ 14කින් පමණ අඩු වී තිබුණා. නමුත් යහපාලන ආණ්ඩුව පැමිණිමත් සමඟ ඔවුන් ලක්ෂ 5 ට පමණ අලුතෙන් සමෘද්ධිය ලබා දී තිබුණා. අස්වැසුම වැඩසටහන හඳුන්වා දෙන විට 2022 වර්ෂයේ ආර්ථික අර්බුධය සමඟ දිළින්දන් ප්‍රමාණය ඉහළ ගොස් තිබුණා. අප මෙම අස්වැසුම වැඩසටහන සම්බන්ධව බොහෝමයක් සාකච්ඡා කළා. අප මෙම අස්වැසුම වැඩසටහන සම්බන්ධව කළ අවසන් සාකච්ඡා වල දී බොහෝමයක් අයගේ මතය වූයේ මෙම වැඩසටහන් අවශ්‍ය නොවන බවත් මෙම වැඩසටහන් තුළින් ඔවුන් දිළිඳු සහනාධරයන් වලින් ම ජීවත් වීමට පෙළඹෙන බවත්ය. අප ඒ නිසාවෙන්ම දිළිඳුභාවය තුරන් කිරීමට ක්ෂුද්‍ර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමක් එම වැඩසටහන් හරහා සිදු කළේ. සමෘද්ධි වැඩසටහන තුළින් දිළිඳුභාවය තුරන් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එලෙසටම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන තුළින් ද දිළිඳුභාවය අවම කිරීමට විවිධ වැඩසටහන් ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. අපගේ අධ්‍යනය තුළින් දිළිඳුභාවය අවම කිරීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායකය වැදගත් වන අයුරු අප සිදුකරන ලද වැඩසටහන් තුළින් පෙන්වා දුන්නා එමෙන්ම මෙම කෘතියේ බොහෝමයක් කරුණු මෙම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ සඳහන් වෙනවා. එම කරුණු මෙම ග්‍රන්ථය හරහා දැනගැනීමට පුළුවන්.

මෙම අධ්යයන වාර්තාව අපගේ වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැක. – https://www.right2lifelanka.org/aswesumarelief-or-deception/

මෙම අවස්ථාවට සහභාගී වෙමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා දැක්වූ අදහස්…

 

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….