තෙල් හිඟය හා තෙල් සංස්ථාවේ කොමිස් ප්‍රශ්නය; මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන සිංහලෙන්:
ආණ්ඩුවේ ප්‍රතිචාර හා ජනතාවගේ චර්යාවන්

dailyreporter oil තෙල් හිඟය ශ්‍රී ලංකාව සිපෙට්කෝ කොමිස් ප්‍රශ්නය තෙල් බෙදාහැරීම 2023 ශ්‍රී ලංකා තෙල් සංස්ථාව තෙල් පෝලිම් හා ආණ්ඩු ප්‍රතිචාර තෙල් අලෙවිකරුවන්ගේ කොමිස් තෙල් හිඟයට ජනතා ප්‍රතිචාර සිපෙට්කෝ සභාපති ගැටුම් ශ්‍රී ලංකා තෙල් වෙළඳපොළ තෙල් හිඟය හා ආර්ථික අර්බුද

ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි.

මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින් වැඩක් ද නැත. තෙල් හිඟ වන බවක් ඉව වැටුණු හැටියේ ජනතාව තෙල් එකතු කිරීමට පටන් ගත්හ. ඒ අනුව, තෙල් අලෙවිය වැඩි වන්නට ඇත. පෝලිම් නිර්මාණය වී තිබේ. දැන් තෙල් වෙළඳපොළේ වැඩි මෙහෙයුම්කරුවන් පිරිසක් සිටින නිසා විශාල අර්බුදයක් නිර්මාණය නොවනු ඇත.

එහෙත්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කලාමැදිරියාටත් බිය වීම පුදුමයට කරුණක් නොවේ. ජනතාවගේ චර්යාව වෙනස් කිරීම පහසු නැත. බලයේ සිටින ආණ්ඩුව වනාහි පසුගිය සමය තුළ ජනතාවගේ විචාරශීලී මනස සංකෝචනය කර වෛරී හා පක්ෂග්‍රාහී චර්යාවන්, බිය, සැකය, අවිශ්වාසය හා අරාජිකත්වය දෙසට නැඹුරු චර්යාවන් නිර්මාණය කිරීමට විශාල වශයෙන් දායක වූ පිරිසකි. ජනතාවගේ චර්යාවන් වෙනස් කිරීම ඔවුන් සිතන තරම් සරල නැත. වත්මන් පාලකයන්ට තමන්ගේ පෙර පුරුදු චර්යාවන් පවා වෙනස් කරගැනීම දුෂ්කර වී තිබෙන සංදර්භයක් තුළ ජනතාවගේ චර්යාව ගැන කවර කතාද?

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය මේ මොහොතේ විපක්ෂයේ සිටියා නම්, ව්‍යාජ පුවත්, වෛරී ප්‍රචාරණ ව්‍යාපාර, දුස්තොරතුරු පැතිරවීම ආදිය හරහා මේ වන විට රටම කළඹා තිබෙන්නට පුළුවන. ඔවුන් ආණ්ඩු පක්ෂය වීම මෙම වකවානුවේ අතිශය සාධනීය තත්වයකි.

කෙසේ වෙතත්, පාලනයේ ආධුනිකබව, පළපුරුද්දක් නැතිකම හා සමාජවාදී මිථ්‍යාවන් කරපින්නාගෙන ධනේශ්වර ක්‍රමය රැකගන්නට වැඩකිරීමේ උභතෝකෝටිකය හේතුවෙන් පාලකයෝ හා ඔවුන්ගේ කළමනාකරුවෝ විවිධ ප්‍රශ්න නිර්මාණය කරගනිති.

තෙල් සංස්ථාවේ සභාපති වනාහි කලින් වෘත්තීය සමිති නායකයෙකි. ඔහු අලෙවිකරුවන් සමග ගැටුමක් නිර්මාණය කරගෙන තිබේ. ඔහු කියන්නේ තමන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන බවකි. කිසියම් කොමිස් සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නැයි අධිකරණ නියෝගයක් තිබේ නම්, එය අලෙවිකරුවන්ට දැනුම් දී ගැටුමක් ඇති කරගන්නේ නැතුව ක්‍රියාත්මක කරන්නට තිබිණි.

සාමාන්‍යයෙන් ආනයනය කරන තෙල් ලංකාවේ බෙදාහරින සරල බිස්නස් එකක් අතිශය සංකීර්ණ ආකාරයෙන් කරන, වර්තමානයේදී ඒකාධිකාරයක් ද නොවන තෙල් සංස්ථාව හෙවත් සිපෙට්කෝ තරමටම එහි අලෙවි ජාලය ද වැදගත්ය. සිපෙට්කෝ විසින් මෙම අලෙවි ජාලයේ ගුණාත්මකබව පිළිබඳ කිසිවක් සොයා බලනවාදැයි අප නම් දන්නේ නැත. ඉස්සර ෂෙඩ්වල හුළං ගැසීමේ සේවාවක් තිබිණි. දැන් නම් මුදල් ගෙවාවත් හුළං ටිකක් ගසාගත හැකි හුළං පොම්ප ෂෙඩ් බහුතරයක ඇත්තේම නැත.

තමන්ගේ අලෙවි ජාලයට විරෝධය පළකරන ව්‍යාපාරයක් පැවතිය හැක්කේ නිදහස් වෙළඳාමට ඇති බාධක වැඩි කිරීමෙන් පමණි. ආනයනික භාණ්ඩයක් විකුණන ව්‍යාපාරයක යෙදෙන බුද්ධිමත් වෙළෙන්දෙකු නම් තමන්ගේ අලෙවි ජාලය සමග ගැටුම් ඇතිකර ගන්නේ නැත. එහි ගැටලු තිබේ නම්, එය ක්‍රමානුකූලව වෙනස් කරගත යුතුය.

ලංකාවේ වත්මන් ආණ්ඩුව සිතාගෙන ඉන්නේ තමන් හැර අනෙක් හැමෝම හොරුන් කියාය. ඔවුන් ව්‍යාපාරිකයන් ගැන සිතන්නේ ඔවුන් පට්ට හොරුන් කියාය. ඔවුන්ගේ ලාභ අවම කර, හැකි තරම් බදු පනවා මර්දනය කළ යුතු යයි ඔවුහු සිතති.

ෂෙඩ් හිමිකාරිත්වය යනු ලංකාවේ සම්ප්‍රදායික ප්‍රභූ ව්‍යාපාරයකි. ෂෙඩ් හිමියන් ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති ඉඩම් වැනි දේපළවලින් ඇතැම් විට පහසුවෙන් ඊට වඩා ලාභයක් ඉපයිය හැකිය. ධනය එක්රැස් කිරීමේ මුල් අවධියේ සිටින ධනවතුන් පවා ෂෙඩ් බිස්නස් එකට ආකර්ශනය වන්නේ නැත. ෂෙඩ් හිමියන් ධනපතියන් ලෙස හැඳින්වූවාට වරදක් නැත. ජනතා විමුක්ති පෙරමුණ සම්ප්‍රදායිකවම ධනපති විරෝධී පක්ෂයකි. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් ගැන කවර කතාද? තෙල් සංස්ථාවේ සභාපති එවැන්නෙකි.

සමාජ සංවර්ධනය තුළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ප්‍රායෝගිකව පැවරී තිබෙන වරම වන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර ක්‍රමය රැකගැනීම හා වාමාංශික බලය දිය කර හැරීමයි. එහෙත්, සමාජවාදී න්‍යාය පත්‍රයක් ඉදිරියට ගත හැකි යයි තවමත් ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී සිටින අන්තවාදී බලවේග සිතති. බොහෝ අවුල්වලට හේතුව මෙයයි.

සමාජවාදය නමින් ඔවුන් කරන්නේ අන් කිසිවක් නොව, රාජ්‍ය මූලික ධනවාදය හා සුබසාධනවාදය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන්ගේ සමාජවාදය රාජපක්ෂවාදයෙන් වෙනස් වන්නේ දූෂණය අඩු වීමෙන් පමණි.

රාජපක්ෂවාදයට ඉදිරියට යන්නට බැරි වුණේ දූෂණය නිසාම නොවේ. රාජ්‍ය මූලිකත්වය සඳහා අවශ්‍ය අති විශාල රජයේ බර දරාගැනීමට නොහැකි වූ නිසාය. රෝදය නැවත සොයාගැනීමට උත්සාහ කරන අයට ඒ සඳහා යම් කාලයක් දීමට සිදු වී තිබේ.

Praja.lk

අජිත් පැරකුම් ජයසිංහ

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….