බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. බිත්තර සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් මෙය පාලන කිරීමට රජය වාහාම මැදිහත් විය යුතු බවත් ජනතාව කියති.
Read MoreTag: egg price in keells
බිත්තර සංගම් නව මිලට එකඟ නොවෙයි
පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අදාළ නඩුව ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපතිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්, රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බවයි. එම අවස්ථාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා…
Read More