බිත්තර සංගම් නව මිලට එකඟ නොවෙයි

eggs

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අදාළ නඩුව ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපතිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ  පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්, රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බවයි. එම අවස්ථාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා…

Read More