වැද්දොත් හිරවුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල
වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ වැද්දන්ට සිය නිජබිම් හැර යෑමට සිදුවූයේ විවෘත ආර්ථිකය සමග මෙරට වෙලාගත් සංවර්ධනයේ අරුණලු හේතුවෙනි. එකී අරුණැල්ල වැද්දන්ගේ සංස්කෘතිය ජීවන මාර්ග හා නිජබිම් පුළුස්සා දැමූ ගිනිදැල්ලක් වූවා මිසක කිසිවිටෙක ඔවුන්ගේ ජීවිතවලට ආලෝකය උදාකර නොදුන්නේය. ඔවුන්ගේ ජීවිත සංවර්ධනයේ අරුණැල්ල නිසා හටගත් ගිනි දලු වලින්…