රුපියල් කෝටි 38ක් ගෙවා ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් මිල දී ගැනීමේ ටෙන්ඩරයක ලියකියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක වෙනත් අංශයකට මාරුකර ඇතැයි වාර්තාවේ. නියමිත ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව සහ ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් ඉන්දියානු සමාගමකින් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිමුඩියේ කටයුතු කරන අතර අදාළ නිලධාරිනිය එම ලියකියවිලිවලට අත්සන්කර අනුමැතිය නොදීම නිසා වෙනත් අංශයකට මාරුකර ඇතැයි ද ඒ වෙනුවට වෙනත් නිලධාරියකු අනුයක්ත කර අවශ්‍ය ලේඛන අත්සන් කර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ. සෞඛ්‍ය අංශයට අයත් ඉහළ නිලධාරීන් තිදෙනෙකු එක්ව මෙම දූෂිත ටෙන්ඩරය…
Read More