මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

kandy

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල, කටුකැලේ, දොඩම්වල සහ වෙල්අට යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් සඳහා අද දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ දී එන්නත්කරණය සිදුවෙයි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී අද එන්නත් ලබාදීම සිදු වන්නේ අරුප්පල බටහිර, වටපුළුව, වටපුළුව බටහිර, වටපුළුව…

Read More