omicron variant symptoms

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ. මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා.

corona

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක්

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. ඔහු කියා සිටියේ එම විකෘතිතා සංඛ්‍යාව ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්මවා යාමක් බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජයේ පැතිර යාම සහ ඉන් පුද්ගලයින්ට සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තවමත් දත්ත ප්‍රමාණවත් නොමැති…