omicron variant symptoms

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ. මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා.

lokulunu

ලොකුළුෑනුත් ගණන් උස්සයි

මේ දිනවල වෙළඳපොලේ ලොකුළුෑනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. ලොකුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 290ත් 300ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.