අඛණ්ඩ ගොවි උපවාසය තාවකාලිකව නතර කරයි.

protest

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත දින 10ක් පුරා ගෙන ගිය අඛණ්ඩ ගොවි උපවාසය අද (02) තාවකාලිකව නතර කළ බවත් තම වගා බිම්වලට අවශ්‍ය පොහොර ලබා නොදුනහොත් ඉදිරියේ දී මාරාන්තික උපවාසයකට යන බවත් ඇලහැර මොරගහගන්න කලාපයේ ගොවිසංවිධාන එකමුතුව පවසයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛ නිකායික මහා සංඝයා වහන්සේ එම ස්ථානයට වැඩම කරමින් අඛණ්ඩව දින 10 ක් තිස්සේ පොහොර ඉල්ලා කළ උපවාසය හේතුවෙන් කිසියම් ගොවියෙකු හෝ ගෙවිලියක අසාධ්‍ය වුවහොත් මේ වැසි සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් රටේත් ගොවි ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තැබීම නුසුදුසු යැයි ද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න අවශ්‍ය යැයි ද පැවසීමත්…

Read More

පඹ විරෝධතාවක්!

pabaya

එළඹෙන මාස් කන්නය ට පොහොර නොමැතිව ජලය නිකුත් නොකරන්නැයි බල කරමින් අපූරු ආකාරයේ විරෝධතාවක් පොලොන්නරුව ජයන්තිපුර දි ඊයේ (12) පැවැත්විණ. මෙම විරෝධතාව පවත්වා තිබුණේ  විරෝධතා පුවරු ‍රැගත් පඹයන් පිරිසක් විසිනි. ජයන්තිපුර හන්දියේ සිට නාග පොකුණ හන්දිය දක්වා පඹයන් සි‍ටුවා එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර පොහොර නැත්නම් වතුර එපා.මොලේ නැති වුන් පාර්ලිමේන්තුවේ,නිසි වේලාවට පොහොර ලබා දෙනු, ගොවියා අනාතයි කුඹුරුත්  විනාශයි.ආදී විරෝධතා පුවරු එම පඹයන් ගේ ගෙල වටා එල්ලා තිබුණි.මෙම පඹයන් සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා දේශපාලනඥයෙකුගේ ද ඇදුම් අන්දවා පඹයන් කිහිපයක් ම සි‍ටුවා තිබුණි.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි…

Read More