අඛණ්ඩ ගොවි උපවාසය තාවකාලිකව නතර කරයි.

protest

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත දින 10ක් පුරා ගෙන ගිය අඛණ්ඩ ගොවි උපවාසය අද (02) තාවකාලිකව නතර කළ බවත් තම වගා බිම්වලට අවශ්‍ය පොහොර ලබා නොදුනහොත් ඉදිරියේ දී මාරාන්තික උපවාසයකට යන බවත් ඇලහැර මොරගහගන්න කලාපයේ ගොවිසංවිධාන එකමුතුව පවසයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛ නිකායික මහා සංඝයා වහන්සේ එම ස්ථානයට වැඩම කරමින් අඛණ්ඩව දින 10 ක් තිස්සේ පොහොර ඉල්ලා කළ උපවාසය හේතුවෙන් කිසියම් ගොවියෙකු හෝ ගෙවිලියක අසාධ්‍ය වුවහොත් මේ වැසි සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් රටේත් ගොවි ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තැබීම නුසුදුසු යැයි ද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න අවශ්‍ය යැයි ද පැවසීමත්…

Read More

පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අත්අඩංගුවට ගත් සුලු ව්‍යාපාරිකයින් දෙදෙනාට ඇප නියම වේ!

portest

බාර් ඇරීමට විරෝධය පළ කරමින් කොටුවේදී විරෝධතා සිදු කරමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුළු ව්‍යාපාරිකයන්  දෙදෙනකු අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20 ) නියෝග කර ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් හා අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හරින ලෙසයි. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට අගුලා ලා  තිබියදීත් මත්පැන් හල් විවෘත කර ඇති ආකාරයෙන්ම  තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන්නැයි බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට  දී එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය විසින්…

Read More