news sinhala sri lanka

කිළිනොච්චියේ සියළුම පාසල් අද සිට යළි දැණුම් දෙනතුරු වසයි

කිළිනොච්චියේ තොණ්ඩමන් නගර් ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමගම කිළිනොච්චියේ සියළුම පාසල් අද ( 24 ) සිට යළි දැණුම් දෙනතුරු වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කොට තිබේ. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංගෝවන් මහතා කිළිනොච්චිය කළාප අධ්‍යාපන කාර්යාලයට 23 දා සවස පාසල් නිවාඩුව පිළිබදව වූ නිල නිවේදනය එවා තිබේ.