විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

wimalasurendra

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භව ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 06වන දින සිය මෙම විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලන බවත් පවතින වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සා කැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යාමත් සමග ජල විදුලිබලාගාරවල ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමින් සිදු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන් sinhala news paper

Read More