අයවැය අදයි

sri lanka sinhala news

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය වේ. 2022 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වූ අතර, 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2538කට සාපේක්ෂව ලබන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින්…

Read More

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

gazet

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි. යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර…

Read More

දෙදරු මවක් සහල් වලට යටවී ජීවිතක්ෂයට

sri lanka sinhala news

සත්ව ආහාර සදහා පිරිසිදු කිරීමෙන් පසුව සහල් ගබඩා කළ විශාල ටැංකියක් ඉරා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් (30000)සිරුර මතට ඇදවැටී ඊට යට විමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වි තිබේ. සත්ව ආහාර සකසන එම ආයතනය නැවත දැනුම් දෙනතුරු කිසිවෙකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා මුදිතාගම හිරියාලේගම නොච්චියාගම පිහිටි කුකුල් කෑම සකසන ආයතනයක සවිකර තිබූ සහල් ගබඩා කර වියලන ටැංකියේ පතුල ඉරියාම නිසා කාන්තාවට දිවි අහිමිවි තිබේ. අවාසනාවන්ත මරණයට මුහුණදි අත්තේ මුදිතාගම නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි 47 හැවරදි දෙදරු මවකවූ වේලාගේ…

Read More

බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන යයි

boat

ධිවරයන් මුහුදු ගොස් ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය ඉතා දරුණු වීමට පෙර වන අතර යාපනය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් හා අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ කරෙයිනගර් වඩමරච්චි ගුරුනගර් ධීවර වරායන් වල නවතා තිබූ බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන ගොස් තිබේ. ධීවරයන් විවේක ගැනීමට හා මසුන් රැස් කිරීමට තනා තිබූ ධීවර වාඩිද සුළගට ගසා ගෙන ගොස් තිබේ.        

Read More