නාමල්ගෙන් LPL ගැන දැඩි තීරණයක්

namal

LPL තරගාවලිය කිසිදු අකටයුත්තකට යොදාගැනීමට නොහැකිවන සේ පැවැත්වීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට තමන් නිල වශයෙන් දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කළේය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම්වල යම් අභව්‍ය බවක් පෙනෙන්නට තිබීමත් සමග ඒ පසුපස තරග පාවාදීම් ආදී දෑ සිදුවීමේ හැකියාවක් පැවතිය හැකි බවට පැතිර යන රාවය සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පවසා ඇත. ඒ අනුව එල්.පී.එල්. තරගාවලිය අයුතු දෑ සඳහා යොදාගත නොහැකිවන සේ අවශ්‍ය විනිවිදභාවය සහ අධීක්ෂණය සැලසීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර…

Read More

වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් මහ වතුර මැද

puththalama

ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් අඩි තුනකට වැඩි ජල කදක් නිසා පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි. පුත්තලම දිස්ත්‍රික්කයට නොකඩවා දින තුනකට ආසන්න කාලයක් මෙසේ ඇද හැළුණ මහ වැසි හේතුවෙන් සියලුම මාර්ග ගංවතුරින් ඇහිරි තිබු අතර දහස් ගනනක පිරිස් නැවත නිවෙස් වෙත පැමිනිමට නොහැකිව වාහනතුළ හා වෙනත් ආරක්ෂීත ස්ථාන වෙත රැදි සිටිමට සිදුව තිබු බව කියයි.   the first lk  

Read More