විශේෂ බස් සහ දුම්රිය සේවා

විශේෂ බස් සහ දුම්රිය සේවා

නත්තල් සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. මේ අනුව දැනට ධාවනය වන දුම්රියට අමතරව විශේෂ දුම්රිය ගමන්වාරද ලබන 27 වනදා දක්වා ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන, ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ. ලංකා ගමනාගමන මණ්ඩලයද පැවසුවේ මගී ජනතාව වෙනුවෙන් අතිරේක බස්රථ සේවා ක්‍රියාත්මක බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.