නාය යාමේ අවදානමක්

nayayam

බස්නාහිර, සබරගමුව, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Read More

මධ්‍යම කදුකරයට අධික වැසි

adikawasi

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් සමග තම  දෛනික ජිවිතයටද විවිධ තර්ජන එල්ලවි ඇති බවද ඔවුන් පවසති. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගද ලිස්ස සුලු තත්වයන්ට පත්ව ඇති බවත්…

Read More