කාලගුණයේ වෙනසක්

Climate change

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර දිස්ත්‍රික්කවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. නැගෙනහිර පළාතේ සහ මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී…

Read More

“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි

weather satellite view

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

Read More

ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි

winds

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත් සමග සුළගේ වේගය පැයට කිලෝමිටර් 75- 85 ත් අතර වන අතර එය පැයට කිලෝමිටර් 95 දක්වා වරින් වර වැඩිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන් වේ. සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත…

Read More

බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක්

weather

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කෙරේ. ඌව, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවල මි.මී 50ක පමණ තද වැසි ඇති…

Read More