ජාතික කොඩිය හා ඩම්පිං
මෙම සටහන තබන්නේ 2021 නිදහස් දින උදෑසනයි. ශ්රී ලංකාව නිදහස ලබා වසර 73කි. ජාතික කොඩි සැම තැන එසවේ. පසුගිය සමයේ ශ්රී ලංකාවේ ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කරන ලදී. ඒ වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියක් ඔසවන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියේ, රෙදි ආනයනය කරන…