What’s an Entrepreneur? ව්‍යවසායකයෙකු කියන්නෙ කවුරුද? 

dailyreporter what an entrepreneur is in simple terms How to achieve your goals Successful morning routine

ව්‍යවසායකයකු කියන්නේ කිසියම් ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගනිමින් එයට ගැලපෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන්නෙක්. එහි අවදානමක් ද තිබෙනවා. ලාභ මෙන්ම පාඩු ද ලබන්නට පුළුවන්. පෙරහැරක් තියෙන දවසට එන සෙනගට රටකජු විකුණන්නට පුළුවන්. හැබැයි, එදා වැහැලා පෙරහැර අවලංගු කළොත් හරි, සෙනග ආවෙ නැතිනම් හරි බැදගත්ත රටකජුවලින් පාඩු වෙන්න පුළුවන්.

චුල්ලසෙට්ඨි ජාතකයෙන් කොටසක්:

ඉස්සර, බරණැස් නුවර හිටියා චූලසෙට්ඨි කියලා සිටුතුමෙක්. දවසක් එතුමා පාරේ යනකොට මී කුණක් දැකලා මෙහෙම කිව්වා. “නුවණ තියෙන කෙනෙක්ට මේ මී කුණෙනුත් දියුණු වෙන්න පුළුවන්.”
මේ කතාව අහගෙන හිටපු දුප්පත් තරුණයෙක් ඒ මී කුණ අරගෙන ගියා. ගිහින් ඒක බළල් හිමියෙක්ට විකුණලා පොඩි සල්ලි ප්‍රමාණයක් හම්බ කරගත්තා. ඒ සල්ලිවලින් උක් පැණි ටිකක් අරගෙන මල් කඩන අයට දුන්නා. ඒ අය සතුටට තමන් කඩාගත්තු මල් ටිකක් මේ තරුණයාට දුන්නා. මේ මල් ටික විකුණලා තවත් සල්ලි හම්බ වුණා.
ඊළඟට, දවසක් රජතුමාගේ උයනේ කඩා වැටිලා තිබුණු දර ටික එකතු කරලා දෙන්නම් කියලා උයන්පල්ලාගෙන් අවසර ගත්තා. ළමයින්ට උක් පැණි දීලා ඒ දර ටික එකතු කරගෙන, ඒ දර ටික කුඹල්කරුවෙකුට විකුණලා තවත් සල්ලි හම්බ කරගත්තා.
පස්සේ, තණකොළ අදින වෙළෙන්දන් පන්සීයක් දෙනාට පැන් පිරිනමලා ඒ අයව යාළුවෝ කරගත්තා. අශ්ව වෙළෙන්දෙක් එන බව දැනගත්තු මේ තරුණයා, ඒ වෙළෙන්දන්ගෙන් තණකොළ මිටිය බැගින් අරගෙන අශ්ව වෙළෙන්දාට විකුණලා ගොඩක් සල්ලි හම්බ කළා.
අවසානයේදී වරායට නැවක් ආපු බව දැනගෙන එතන හිටපු අනෙකුත් වෙළෙන්දන්ට කලින්ම තමන් නැවේ බඩු වලට සල්ලි දුන් බව කියා ඔවුන්ගෙන් සල්ලි අරගෙන ඒ අයට බඩු අරගෙන දීලා ලොකු ලාභයක් ගත්තා.
මේ විදිහට මී කුණකින් පටන් ගත්තු මේ තරුණයා, තමන්ගේ උත්සාහයයි නුවණයි නිසා විශාල ධනවතෙක් බවට පත් වුණා.
ව්‍යවසායකයෙකු විදියට හිතන්න. ව්‍යවසායකයෙකු වෙන්න විශාල ප්‍රාග්ධනයක් ඕනැ නැහැ. පොඩි තැනකින් පටන් ගන්න. ව්‍යවසායකත්වයේ මට්ටම් කිහිපයක් තියෙනවා. පුංචිම ඒවා ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය. කුඩා ව්‍යවසායකත්වය, මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ඔස්සේ එය විශාලනය වෙනවා.
මැලිබන් සමාගම පටන් ගත්ත හින්නි අප්පුහාමි, පෙරේරා ඇන් සන්ස් පටන් ගත් පෙරේරා, ගල්කිස්සේ හෝටලේ ලිපට අඟුරු දාන්නට ඇවිත් ලෝක ප්‍රකට සූපවේදිකයකු වුණ පබිලිස් වගේ උදාහරණ ලංකාවේත් බොහෝ තිබෙනවා.
ව්‍යවසාය මොන වෙනස්කමට භාජනය වුණත්, ව්‍යවසායකයා තිරසර වෙන්නට ඕනැ. ඒ කියන්නෙ බිස්නස් එක මී කුණෙන් මල්වලට මාරු වෙලා නැව් දක්වා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි, ව්‍යවසායක මනස වෙනස් කරගන්න එපා.

This video will define what an entrepreneur is in simple terms

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….