කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.
ඇය පියුමි නිසසංසලා…
එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද?
මගේ ගම කොළඹ . පවුලේ ඉන්නේ මමයි මල්ලියි. මම නුගේගොඩ මහමායා බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළා. ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය සහ වරලත් ගණකාධිකරණ ආයතනයේ දෙවන අදියරත් සමත්. දැන් මම විවාහකයි. මගේ දයාබර සැමියා රජිත ටිරෝන් පෙරේරා.
උපාධියක් කරන්න හිතුවා.
මම රැකියාවට සම්බන්ධ වෙලා මාස දෙකක් වැඩ කරද්දී පශ්චාත් උපාධියක් හදාරන්න අවශ්‍ය වුණා. එහිදි මට ඒ ආයතනය සති අන්තයේ අධ්‍යාපන නිවාඩු ලබා දෙන්න කැමැති වුනේ නැහැ. ඒ නිසා මම ඒ රැකියාවෙන් ඉවත් වුණා. රැකියාව සහ අධ්‍යාපනය එකට කර ගෙන යන්න අපහසුබව මට තේරුණා. ඊට පසුව මම හෝටල් පාසලට ඇතුලත් වෙලා පාඨමාලාවක් හැදෑරුවා.
“Miss bakers” වෙත යොමු වෙන්න හිතුනේ..
මගේ තාත්තා සිවිල් ඉංජිනේරුවරයෙක්. පවුලේ කිසිම කෙනෙක් ව්‍යාපාරවලට සම්බන්ධත් නැහැ.
නමුත් මිනිස්සු ඉල්ලන දෙයක් ලබා දෙන්න ඕන කියල හිතුණා. ඒ නිසා මම අතුරුපස විදිහට “ Miss bakers” සන්නාමයෙන් වටලප්පන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කළා.
මේ වගේ කර්මාන්තයක් කරද්දී ගැටළු ඇති වුනේ නැතිද?
මම මුලින්ම වටලප්පන් කැපුවේ කොටු හැඩයට. වටලප්පන් හදන යන්ත්‍ර තිබුනත් හෝටල් පාසලේදී අපට ඉගැන්වුයේ අවන් එකක. ඉතින් මගේ ගණුදෙණුකරුවන් වැඩි වෙද්දී මම තවත් අවන් මිළට ගත්තා. ඒ අතරේ මට බොහෝ දෙනෙක් කිව්වා අවන් එකට වඩා වටලප්පන් හදන යන්ත්‍ර තිබෙනවා. ඒ එකකට මාරු වෙන්න කියලා. අවන් එකකින් නිෂ්පාදනය කරන්න අමාරුයි. ඒ නිසා මම මේ මැෂින් විකුණලා ආයෙමත් මැෂින් ගත්තා.
මට වාහනයක් තිබුනේ නැහැ. ත්‍රිවිල් වල මගේ නිෂ්පාදන ආර ගෙන ගියා. මම අසාර්ථක වුන හේතු තිබුණා. සමහර විට කල් ඉකුත් වීමේ දිනයටත් කලින් නරක් වුණා. මුලින්ම මම වටලප්පන්වලට වෙනම පැණි එකක් හැදුවා. මට අම්මා තමයි මේක කියල දුන්නේ. ඇත්තටම කිව්වොත් ඇය මගේ වටලප්පන් රෙසිපියේ අයිතිකාරිය. මගේ පුංචිඅම්මත් මේ පැණි එක හදන්න අත්හදා බලන්න උදව් වුණා. කවුරු හෝ කිව්වොත් මේක මේ විදිහට වෙනස් කරන්න කියලා. මම ඒක කරනවා. මම මුලින්ම මගේ පැත්තෙන් හිතුවා. අපි මුදල් අතින් දුප්පත්. ඒ නිසා අතුරුපසක් වෙනුවෙන් වැය කරන මිල අපට දරන්න පුළුවන් වෙන්න ඕන.
මට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා. මගේ ආදායමත් වැඩි වුන තැනදී මම මරුටි කාර් එකක් ගත්තා. වටලප්පන් ඒකේ අහුරා ගෙන තනියම යනවා. කීප වතාවක්ම වාහනයත් අනතුරු වුණා. මාස ගණනක් වාහනය ගරාජ්වල තිබුනත් මගේ ගණුදෙණුකරුවන් මගේම නිෂ්පාදන වෙනුවෙන් රැඳී සිටිනවා.කවදා හෝ මගේ “Miss bakers” වටලප්පන් එන දවස තෙක් ඔවුන් ඉවසිල්ලෙන් සිටිනවා.
මුල් කාලයේදී මම දවසකට වටලප්පන් දෙසියක් පමණ වෙළඳපොළට නිකුත් කළා.
මට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා. මගේ ආදායමත් වැඩි වුන තැනදී මම මරුටි කාර් එකක් ගත්තා. වටලප්පන් ඒකේ අහුරා ගෙන තනියම යනවා. කීප වතාවක්ම වාහනයත් අනතුරු වුණා. මාස ගණනක් වාහනය ගරාජ්වල තිබුනත් මගේ ගණුදෙණුකරුවන් මගේම නිෂ්පාදන වෙනුවෙන් රැඳී සිටිනවා.කවදා හෝ මගේ “Miss bakers ” වටලප්පන් එන දවස තෙක් ඔවුන් ඉවසිල්ලෙන් සිටිනවා.
මම අඩු ලාභයක් තබා ගෙන අලෙවි නියෝජිතයන්ට වැඩි ලාභයක් ලබා දෙනවා. මට උවමනාව තියෙන්නේ මගේ ලාභය උපරිම කර ගැනීම නොවෙයි, නිෂ්පාදනය සහ සන්නාමය සමාජගත කරන්න. කොවිඩ් කාලයේදීත් මට මාර්ගගත ක්‍රමයට ඉල්ලුම තිබුණා.නිෂ්පාදන වලින් වැඩි ලාභයක් ලැබෙන නිසා අලෙවි නියෝජිතයන් අතරත් උනන්දුවක් ඇති වෙනවා.
විවිධ දේවල් වෙනුවෙන් යොමු වුනා,
මිලිලීටර් 500 කැරමල් පුඩිං, පුඩිං , කස්ටඩ් පුඩිං වගේ වර්ග තිබෙනවා.
ගැස්ට්‍රයිටිස් රෝගීන් ජෙලි පුඩිංවලට වැඩි කැමැත්තක් දක්වනවා. ජෙලි වර්ග තුනකින් මෙය ඉදිරිපත් කරනවා. දියවැඩියා රෝගීන්ටත් මේ නිෂ්පාදනය අගුණයක් නැහැ.
කාන්තා ව්‍යවසායිකාවක් විදිහට ඔබ ඉදිරියේ ඇති ගැටළු
සේවකයන්ගේ ප්‍රශ්න තිබෙනවා. අද තරුණ දරුවන් මහන්සි වෙන්න නැමැති නැහැ. ඒක අද රටාවක් වෙලා. අමුද්‍රව්‍ය සහ වෙළඳ පොළ මට කිසිම අභියෝගයක් නැහැ. ඒත් මේ ශ්‍රමය මට ගැටළුවක් වුන අවස්ථා අදටත් තිබෙනවා.
අපි නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ලබා දෙන විට ඒ රහස අපි ළග තියෙනවා. මම බිත්තරයේ බර පවා කිරනවා. බිත්තර පහක් කිව්වාට බැහැ. එහි බර අනුව සංයෝග කරන්න ඕන. බිත්තර මිළ අඩු, වැඩි වුනත් වටලප්පන්වල මිල වෙනස් වෙන්නේ නැහැ.
මගේ ධාරිතාවය අනුව නිෂ්පාදනය සීමා කර ගෙන ඉන්නවා. මගේ වපසරිය දන්නේ මම. ඒ නිසා හඹා ගෙන යන්න බැරි ඉලක්ක වෙත යොමු වෙන්නේ නැහැ. දැනට දවසකට 1200ක පමණ ධාරිතාවයක් මම නිෂ්පාදනය කරනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කෑගල්ල, කැලණිය, මතුගම, මාතලේ, හොරණ වැනි ප්‍රදේශවල අලෙවි නියෝජිතයන් ඉන්නවා. ඒ ඔස්සේ ඇනවුම් ලබා දෙන්න පුළුවනි. අන්තර්ජාලයේ “Miss bakers”ෆේස් බුක් පිටුවෙන් ඉල්ලුම් කරන්න පුළුවනි. ඊට අමතරය යූ ටියුබ් එකක් පවත්වා ගෙන යනවා.
කාන්තාවක් ලෙස ව්‍යවසායකත්වය දකින්නේ
ව්‍යවසායිකාවක් වීම අපහසුයි. නමුත් අපි එය සොයා ගත යුතුයි. මේ හැකියාව තිරයකින් වැහිලා තියෙන දෙයක්. අපි එය විවෘත කර ගන්න ඕන. මගේ සැමියාට මාව ශක්තියක්. අම්මා ආර්ථිකයට උර දෙන විට දරුවන්ට පහසුවක්. අද මං ගැන හැම දෙනාම ආඩම්බරයි. මගේ මව්පියන් වගේම සැමියාගේ පාර්ශවයෙනුත් මං ගැන ආඩම්බරයෙන් කතා කරනවා. ඒක මට ලොකුම අභිමානයක්. කුඩා ව්‍යාපාර අමාත්‍යංශයට මම මෙහිදී විශේෂ ස්තුතියක් පුද කරනවා. මගේ මව්පියන්,මල්ලි, සැමියා , මගේ ඤාති සහෝදරයන් නොසිටින්න අද මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ.
ඇනවුම් අවශ්‍ය නම්…
ඇනවුම් අවශ්‍ය කෙනෙක් 0755460190 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
ඒ වගේම විශේෂ වාසියක්
අපි දානමය පිංකම් වලට ඉල්ලුම් කරනවා නම් මිල වෙනස් වීම් තිබෙනවා.
මම සසුන්ගත වෙන්න කැමැති වුනේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටිලාවත් නොවෙයි. මම බුදුහමට ලැදියි. මම දැනටත් අවුරුද්දට දින 12 ක පමණ භාවනා කිරීමට යනවා. මේ වෙනුවෙන් ආයතනයටත් නිවාඩු ලබා දෙනවා. මගේ සැමියා කතෝලික භක්තිකයෙක් වුනත්. ඔහුත් මා සමග භාවනායෝගීව දින 12 ක් ගෙවන්න මා සමග එනවා. ඒ වගේම සමාජ සත්කාරයක් විදිහට අසරණ වීදි සුනඛයින්ට පිහිට වෙනවා. ගෙවුන වසර අට පුරාවට අපි සුවපත් කළ සුනඛයන් ගොඩක් ඉන්නවා.
හැම වසරකම අපි ගණුදෙණුකරුවන්ට කැලැන්ඩර් ලබා දෙනවා.මහා පරිමාණ ව්‍යාපාරකයින් පවා කැලැන්ඩර් ලබා නොදුන් කාලයේ අපේ පුංචි ව්‍යාපාරයෙන් ගණුදෙණුකරුවන්ට කැලැන්ඩරයක් ලබා දීමට අපි අමතක කළේ නැහැ.
colombojournal