කලාවැව ජලාශයේ වාන් දොරටු  නැවතත් අඩි හය බැගින් විවෘත වෙයි

කලාවැව ජලාශයේ වාන් දොරටු නැවතත් අඩි හය බැගින් විවෘත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයට හා ජල පෝෂිත කළාප වලට අධික වැසි ලැබීම හේතුවෙන් දින කිහිපයකට පෙර විවෘත කළ කැකිරාව කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක නැවතත් අඩි හය බැගින් විවෘත කිරීමට ජලාශය බාර ඉංජිනේරුවන් ඊයේ (11දා) උදෑසන කටයුතු කර තිබේ. දින කිහිපයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ධාරානිපාත වැස්ස සමග වැවේ ජල ධාරිතාව අධිකවීම නිසා…

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු තුන්වන දිනටත් විවෘතයි

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු තුන්වන දිනටත් විවෘතයි

තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු තුන්වන දිනටත් විවෘත කර තැබීමට සිදුවන බව එහි වාරි මාර්ග ඉන්ජිනේරු අසේල උදයංග මහතා පවසයි. ඒ අනුව ඊයේ (11) වන විට එහි වාන් දොර‍ටු 10ම විවෘත කර ඇති බවත් වාන් දොර‍ටු 8ක් අඩි දෙක බැගින් ද වාන් දොර‍ටු දෙකක් අඩි අට බැගින් ද විවෘත…

රක්ෂිතයක් ඩෝසර් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රක්ෂිතයක් ඩෝසර් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රජය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ගැසට්කර තිබෙන ගල්කිරියාගම මහහුරුල්ලෑව බිම ඩෝසරක් යොදාගෙන එළිපෙහෙලි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අංක 20 කැප්පෙටියාපොල ලිපිනයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර රියදුරෙකු වන ආර්.එම්.ජී චන්ද්‍රසිරි නැමත්තායි.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයයට…

කොරෝනා මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් කොරෝනා මරණ 8ක් තහවුරු වීමත් සමගිනි. ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568 කි. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගියේ ය. ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.