මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත් කර තිබේ. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කර ගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ කොමිසම පත් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති රාජපක්ෂ මහතා නිකුත් කළේය. කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා…
Read MoreDay: January 23, 2021
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ හමුව
“අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානයේ 2021 වසර සැලසුම් කිරීමේ හමුව ඊයේ (22) දින තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත් විය.
Read Moreරන් ආලේපිත කාසි තොගයක් අලෙවිකල ජාවාරම්කරුවන් මාට්ටු
නිධානයකින් හමුවු රන්කාසි තොගයක් බව අගවා රන් ආලේපිත රන්පැහැති කාසි තොගයක් ස්වර් ණාභරන වෙළදාමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලවිකල මරංචි ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇත. පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මරංචි ජාවාරම්කරුවන්ට හසුවි රන් ආලේපිත කාසි ග්‍රෑම් 250ක් රුපියල් ලක්ෂ 17.5කට මිලදිගෙන ඇති බව පවසන පොලිසිය ජාවාරම අනුරාධපුර මයිලගස්හංදිය ප්‍රදේශයේදි සිදුව ඇති බව පවසයි.පැමිණිලිකරුගේ මිතුරෙකු මගින් ජාවාරම්කරුවන් දැන හදුනාගෙන තිබෙනා අතර ඔහු රන්කාසි තොගය මිලදි ගැනීමට අනුරාධපුරයට පැමිණ ඇත. ජාවාරම්කරුවන් විසින් ව්‍යාපාරිකයාට නිධානයකින් හමුවූ රත්තරං ග්‍රෑම් පන්සියක ප්‍රමාණයක් තිබෙනා බවත් රුපියල් ලක්ෂ 50කට අධික…
Read Moreඅහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවෙයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවි ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක රෙක්. කාමදේවන් මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල දැනට මාසයකට අධික කාලයක් පුරාවට විටින් විට අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කරන බවත් එසේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම කොවිඩ් ආසාදිතයන් 116 දෙනා හදුනා ගත් බවද ඔහු පවසන ලදි. බස්නාහිර පලාතේ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයන්ට පැමිනෙන පිරිස්…
Read Moreකොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී
කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් 635 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවයි.
Read More