අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇතැම් රථවාහනවල පවා මේ වනවිට හිම මිදී ඇති බවයි. හිම කුණාටු තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, ලුසියානා, කෙන්ටකි, මිසුරි යන ප්‍රාන්තවලටද මෙම තත්ත්වය බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එසේම කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
|

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට

හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…