ප්‍රබල භුමිකම්පාවක්

earthque

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.

Read More

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ. ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන යුද අභ්‍යාසය මේ දිනවල පැවැත්වෙන අතර, උතුරු කොරියාව ද ඊට සමගාමීව පසුගිය සතියේ මිසයිල කිහිපයක්ම අත්හදා බලා තිබුණා.

Read More

රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් වන්නේ නැහැ. එබැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුව රුසියානු නායකයාට බලාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු…

Read More

ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි

ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත. “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔහුගේ මරණයේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් TMZ වෙබ් අඩවිය පවසන්නේ රෙඩික් ලොස් ඇන්ජලීස් හි ස්ටුඩියෝ සිටි දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ නිවසේ තම අවසන් සුසුම් හෙලූ බවයි.

Read More

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.

Read More

යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්

නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ පසුගිය පැය 24 තුළදි පමණක් යුක්රේන හමුදා සාමාජිකයින් 220කට වැඩි පිරිසක් ඝාතනය කළ බවයි. එහෙත් දෙපාර්ශවය පවසන සංඛ්‍යාලේඛන මෙතෙක් තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්

පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ. සබැඳි පුවත්   –  ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි

Read More

පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

චීනයෙන් හමුදා පුහුණුව

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ. ඉදිරි වසර පහ තුළ අදාළ ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් තෝරාගන්නා ආරක්ෂක කණ්ඩායම් සහභාගී කර ගනිමින් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ.

Read More

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

Read More