අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය

අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන එලෙස තහනම් කෙරුණු ඉස්ලාම් සංවිධාන කිහිපයක්. එමෙන්ම දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි එස් අයි…

කොරෝනා ආසාදනය වූවන්ට මානසික හෝ ස්නායු රෝග ඇති වීමේ අවදානමක්

කොරෝනා ආසාදනය වූවන්ට මානසික හෝ ස්නායු රෝග ඇති වීමේ අවදානමක්

කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට මානසික හෝ ස්නායු රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවකගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කිරීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා වෛරසය ආසාදනය වූවන් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලදී ඔවුන්ට විශාදය, මානසික අවපීඩනය,…

මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය

මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය

පසුගිය මහ කන්නයේ පොලොන්නරුවේ ගොවි ජනතාව විසින් නෙළාගත් වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය  පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පැවැත්විණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොලොන්නරුව සොළොස්මස්ඨානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රත්නපාල උපාලි අභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර පොලොන්නරුව අලුත්සහල් මගල්ල්‍යය පැවැත්විනි. මෙහිදී පොළොන්නරුව…

ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලිය

ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලිය

ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් ත්‍රිකුණාමලය වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටිය ඉදිරිපිට මුහුදේදී පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු කළ අතර, මෙම තරගාවලිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ…

13 -14 සුරාසැල් වසයි

13 -14 සුරාසැල් වසයි

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.