සිංහල අලුත් අවුරුදු නැකැත්

හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි. ආහාර පිසීම හෙට දින පුර්වභාග 06.17ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර…

Read More

අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා. සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක දැක්වුණේ අධීවේගී මාර්ගයේ ගමන් කරන කාර් රථයක කවුළු මත හිඳ සිරුරු එළියට පෙනෙන සේ ගමන් කරන තරුණයන් කිහිප දෙනෙකි. එම තරුණයන් කවුරුන් ද යන්න මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇති…

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු දෙදහසක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක්රැදී සිටියහ. සෑම මසකම 10 දින සිට 15 දින දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි. 12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා ඇති නිසා ආපසු හිස් අතින් තම නිවාස කරා යන අයුරු දක්නට ලැබුණි.

Read More

පුද්ගලික බසයක ගැටි අයෙකු මරුට

death

සිංහල හිංදු අලුත් අවුරුදු සැමරිම සදහා බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි පුද්ගලයකු පුද්ගලික බස් රථයක ගැටිමෙන් මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ සුපිරි වෙලද සැලක් අසලදි මෙම පුද්ගලයා බස් රථයේ ගැටිමෙන් මිය ගොස් ඇති බවත්ය. නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම අය අවුරුදු 29ක් පමන වයැසැති අයකු බවත් මෙකි පුද්ගලයා සිංහල හිංදු අලුත් අවුරුද්ද සැමරිම සදහා නිවසට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි අවස්ථාවේදි පුද්ගලික බස් රථයක ගැටිමෙන් මෙසේ මිය ගොස් ඇති බවත්ය. මිය ගිය…

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ

dabulla-arthika-madyasthanaya

අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය. ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.

Read More