බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්

බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව…

ලොකුගේගේ වැයික්කිය වැසෙයි

ලොකුගේගේ වැයික්කිය වැසෙයි

පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි. පිළියන්දල පොලිස් බල ප‍්‍රදේහයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරු සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ. පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම…

සිංහරාජය කවියක්නම් මම එහි පදපෙළක්

සිංහරාජය කවියක්නම් මම එහි පදපෙළක්

උසට උසේ ගස්, චුරු චුරු වතුර බිදිති හිනා ගොඩයි එක්ක තරගෙට ඉහිරෙන නදීකෙදි, රැහැයි මියුසික්, අපි තව තවත් ඇතුලට යනවා.. අපි දැන්  පුංචි තිතක්.. මහකැලේ කතාකරනවා… අපි  නවතිනවා. අපි  මුසු වෙනවා.. අපි  අතහරිනවා.. තැන තැන ගස් අස්සෙන් මූනට පනින හිරුකිරම තුරුපතක රටාවක් මුහුණේ මකනවා. හරියට සොබාව අකුරු ලියනවා වගේ. සිංහරාජ මහකැලේ කවියක්නම් එහි පද පේළියක්…

එම්. සෆීර් චිත්‍රපට අධ්‍යක්ෂණයට

එම්. සෆීර් චිත්‍රපට අධ්‍යක්ෂණයට

දේශීය හා ජාත්‍යන්තර සම්මානයන්ට ලක් වී ඇති, ප්‍රවීණ නාට්‍යකරුවෙකු, කථිකාචාර්යවරයෙකු වන එම්. සෆීර් පළමුවරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරයි. ,මම නෙමෙයි, (Here After bygone) ලෙසින් නම් කර ඇති මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතියි. මෙහි රංගනයෙන් ප්‍රවීණ රංග ශිල්පීන්වන දිල්හානි අශෝකමාලා සහ සංජීව උපේන්ද්‍ර දායක වෙයි. කැමරාකරණයෙන් සුරන් බෝපිටිය දායකවන අතර, රේඛිය නිෂ්පාදනය එම්. සෆ්රාශ්…

නුවරඑළිය ආසාදිතයන් 2378 දක්වා ඉහළට – හැටන් වෙළදුන් බඩු මිල ඉහළ දමයි

නුවරඑළිය ආසාදිතයන් 2378 දක්වා ඉහළට – හැටන් වෙළදුන් බඩු මිල ඉහළ දමයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 11වන දින ලද වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 184 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2378 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් අඹගමුව ,මස්කෙළිය , කොටගල , බගවන්තලාව , ලිදුල  රාගල, …

ආසාදිතයින් 2568ක් – මරණ 23ක් – සියයට 75 කට රෝග ලක්‍ෂණ නැහැ

ආසාදිතයින් 2568ක් – මරණ 23ක් – සියයට 75 කට රෝග ලක්‍ෂණ නැහැ

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදීද 2,500 සීමාව ඉක්වා ගියා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 2568 ක්. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද එක් ලක්‍ෂ 31,098 ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 23 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා…

ඌරු ජුවා මරුට

ඌරු ජුවා මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි. මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි. බන්ධ­නා­ගා­රය තමාගේ ආර­ක්ෂක බළ­කො­ටුව බවට පත් කර­ගත් ඌරු ජුවා කඩු­වෙල පැත්තේ ඇතැම් සමා­ග­ම්වල නිෂ්පා­දන කට­යුතු වලට පවා බාධා එල්ල කෙළේය. ඌරු…

ලංකා බැංකු කොල්ලය වරදියි
|

ලංකා බැංකු කොල්ලය වරදියි

වසංගත තත්වය නිසා තාවකාලිකව ගණුදෙනු නවතා දින තුනකට වසාදැමූ මිහින්තලය නගරයේ පිහිටි ලංකා බැංකුවේ මුදල් රන් භාණ්ඩ සේප්පු බිද රුපියල් කෝටි ගණනක සොරකමක් ව්‍යාර්ථ කර සොරකමේ සහයට පැමිණි දිවයිනේ නමගිය අපරාධකරුවෙකු (අයි.ආර්.සී) මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් ඊයේ (11දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය වැව ප්‍රදේශයෙ කැලෑවෙන් බැංකුවේ පිටුපසට පැමිණ සොර කණ්ඩායම පසුව…

මත්පැන් අළෙවිසැල් පස්වරු 6.00 ට වැසෙයි

මත්පැන් අළෙවිසැල් පස්වරු 6.00 ට වැසෙයි

’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක් පස්වරු 6.00 ට වැසිය යුතු යැයි කොවිඞ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත‍්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.