Day: August 24, 2021

  • මංගලව කොරෝනා රැගෙන යයි

    හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් සතියකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. 1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා…

  • කොරෝනාවෙන් අසාධ්‍ය වූ ලොක්කෙක් KDU වෙත

    මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් අසාධ වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ. වෛරසය ආසාදන ඉන්පසු ඒ මහතා මහනුවර පිහිටි තම නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත තෙල්දෙණිය රෝහලට ඇතුළත් වී තිබේ. පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සිට…

  • තවත් මරණ 194ක්

    කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අයගෙන් 145 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 49 දෙනෙක්…

  • සැක බාර් වලට සීල්

    සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය. මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව…

  • |

    යොහානි ඉන්දීය ගීත වෙළදපල අල්ලයි

    මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත. විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ. අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරමින් සමාජ…